Sunday, 5 August 2018
තෙවැනි ඇසේ දිගුව.
සිනමාව යන නාමය පිළිබඳව අපි හැමෝම දන්නවා.සිනමාවේ ආරම්භය ගැන කතා කළොත් ඒක අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි.ඒ වගේම අපේ රටට විතරක් ආවේනික දේකුත් නෙමෙයි.මේ නාමය මුළු ලෝකයම ජය ගෙන තියෙන්නෙ.ලෝක සිනමා ඉතිහාසය ගැන කතා කළොත් ප්‍රධාන යුග 4ක් ගැන කතා කරන්න පුළුවන්.
පලවෙනි යුගය ලෙස පූර්ව යුගය හඳුන්වන්න පුළුවන්.මිනිස් ඇසේ ක්‍රියාකාරිත්වය සිනමා මාධ්‍ය බිහි වීමට මූලික සාධකය විය.යම් වස්තුවක් සටහන් කිරීමට මානවයා ගත් උත්සාහය පූර්ව යුගය මගින් විද්‍යාමාන වේ.නිහඩ සිනමා යුගයේ දී මීට වඩා වෙනස් ආරක් ගත්තේය.දුම්රියක පැමිණීම,සොල්දාදුවාගේ පාමන වැනි කුඩා සිදුවිම් සටහන් කල ද නමුත් ශබ්දය සටහන් කර ගැනීමට මෙම යුගය තුළ තාක්ෂණය දියුණු නොවීය.සිනමාව ප්‍රකාශන මාධ්‍යන් බවට පත් වනුයේ නිහඬ සිනමා යුගය තුලදීය. කතා නාද යුගය තුලදී කටහඬ පටිගත කිරීමට හැකි විය.පසුකාලීනව මානව හැගීම්,මතවාද ඉදිරිපත් කිරීමට ගත් ප්‍රබල මාධ්‍යයක් වේ.
සිනමාව අද වනවිට දියුණු තත්ත්වයක පවතින අතර ලෝකයම ආක්‍රමණය කර ගෙන තිබේ.නිහඬ යූගයෙන් පය තැබුව ද තෙවැනි ඇස මුලු ලොව ජය ගෙන හමාරය...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment