Sunday, 5 August 2018

කැකුළී.

අද සිහිනේ තොටුපළට   ආවේ  විශේෂ කෙනෙක්.නම නම් කිරිබණ්ඩා.එයාලා ගම්මානෙට ආව පුංචි කැකුළියක් එයාට හදිසියේම මතකෙට නැගුනා...


බටහිර පන්නෙට ඇදගෙන
හිනා පොජ්ජ මට පානා
ඔබෙ සුරතේ මාලු බදින
 මමත් ඔබේ ඥාතියෙක්ද?

මහාවංශයට අනුව
දරු දෙදෙනෙක් අපෙ
මිත්තනියගේ කුසට දීපු
විජයට නෑ නෑැවෙන දරුවන්

කුවේණිගෙන් පැවති  ව එන
අපි එහෙනම් ඒ දරුවන්
ඉංගිරිසි බසින් යෙදුව
ඇබොරිජීන් නමේ අරුත
මුල් පදිංචි පදිංචිකරුවන් වේ

එපා අපට එම නාමය
සුද්දා වැද්දා කාලෙේ ඉඳන්
සිංහ ලෙයට උරුම කියන
අපි තාමත් ඒ වැද්දන්......

No comments:

Post a Comment