Monday, 6 August 2018



ස්ථානය - දළදා මාලිගාව අසල

දිනය     -2016.03.05

ස්ථානය- වික්ටෝරියා ජලාශය අසල

දිනය      -2014.10.12

Sunday, 5 August 2018

උරුමයක අරුමය..

අද තොටුපල  ලගට ආපු තරුණයාට මතකයට නැගුනේ සොරබොර යි.....



                       සොරබොර වැව ලඟ
                       කුඹුකේ ගස යට
                       ගිමන් හරින විට
                       බෙලිමල් බිඳුවක
                       පහස ලබන මට
                       මොනවද නංගීයේ පෙන්වන්නේ
                       ගලක් දෙපළු කර
                       වේල්ල ඉදිකර
                       ජල කඳ ගෙනයන
                       අපේ උරුමයේ
                       අරුමය ද  ඒ....

තෙවැනි ඇසේ දිගුව.





සිනමාව යන නාමය පිළිබඳව අපි හැමෝම දන්නවා.සිනමාවේ ආරම්භය ගැන කතා කළොත් ඒක අද  ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි.ඒ වගේම අපේ රටට විතරක් ආවේනික දේකුත් නෙමෙයි.මේ නාමය මුළු ලෝකයම ජය ගෙන තියෙන්නෙ.ලෝක සිනමා ඉතිහාසය ගැන කතා කළොත් ප්‍රධාන යුග 4ක් ගැන කතා කරන්න පුළුවන්.

පලවෙනි යුගය ලෙස පූර්ව යුගය හඳුන්වන්න පුළුවන්.මිනිස් ඇසේ ක්‍රියාකාරිත්වය සිනමා මාධ්‍ය බිහි වීමට මූලික සාධකය විය.යම් වස්තුවක් සටහන් කිරීමට මානවයා ගත් උත්සාහය පූර්ව යුගය මගින් විද්‍යාමාන වේ.නිහඩ සිනමා යුගයේ දී මීට වඩා වෙනස් ආරක් ගත්තේය.දුම්රියක පැමිණීම,සොල්දාදුවාගේ  පාමන වැනි කුඩා සිදුවිම් සටහන් කල ද නමුත් ශබ්දය සටහන් කර ගැනීමට මෙම යුගය තුළ තාක්ෂණය දියුණු නොවීය.සිනමාව ප්‍රකාශන මාධ්‍යන් බවට පත් වනුයේ නිහඬ සිනමා යුගය තුලදීය. කතා නාද යුගය තුලදී කටහඬ පටිගත කිරීමට හැකි විය.පසුකාලීනව මානව හැගීම්,මතවාද ඉදිරිපත් කිරීමට ගත් ප්‍රබල මාධ්‍යයක් වේ.
  සිනමාව අද වනවිට දියුණු තත්ත්වයක පවතින අතර ලෝකයම ආක්‍රමණය කර ගෙන තිබේ.නිහඬ යූගයෙන් පය තැබුව ද තෙවැනි ඇස මුලු ලොව ජය ගෙන හමාරය...

කැකුළී.

අද සිහිනේ තොටුපළට   ආවේ  විශේෂ කෙනෙක්.නම නම් කිරිබණ්ඩා.එයාලා ගම්මානෙට ආව පුංචි කැකුළියක් එයාට හදිසියේම මතකෙට නැගුනා...


බටහිර පන්නෙට ඇදගෙන
හිනා පොජ්ජ මට පානා
ඔබෙ සුරතේ මාලු බදින
 මමත් ඔබේ ඥාතියෙක්ද?

මහාවංශයට අනුව
දරු දෙදෙනෙක් අපෙ
මිත්තනියගේ කුසට දීපු
විජයට නෑ නෑැවෙන දරුවන්

කුවේණිගෙන් පැවති  ව එන
අපි එහෙනම් ඒ දරුවන්
ඉංගිරිසි බසින් යෙදුව
ඇබොරිජීන් නමේ අරුත
මුල් පදිංචි පදිංචිකරුවන් වේ

එපා අපට එම නාමය
සුද්දා වැද්දා කාලෙේ ඉඳන්
සිංහ ලෙයට උරුම කියන
අපි තාමත් ඒ වැද්දන්......