සිහින තොටුපල
Sunday, 5 August 2018
උරුමයක අරුමය..
අද තොටුපල ලගට ආපු තරුණයාට මතකයට නැගුනේ සොරබොර යි.....
සොරබොර වැව ලඟ
කුඹුකේ ගස යට
ගිමන් හරින විට
බෙලිමල් බිඳුවක
පහස ලබන මට
මොනවද නංගීයේ පෙන්වන්නේ
ගලක් දෙපළු කර
වේල්ල ඉදිකර
ජල කඳ ගෙනයන
අපේ උරුමයේ
අරුමය ද ඒ....
සොරබොර වැව ලඟ
කුඹුකේ ගස යට
ගිමන් හරින විට
බෙලිමල් බිඳුවක
පහස ලබන මට
මොනවද නංගීයේ පෙන්වන්නේ
ගලක් දෙපළු කර
වේල්ල ඉදිකර
ජල කඳ ගෙනයන
අපේ උරුමයේ
අරුමය ද ඒ....
තෙවැනි ඇසේ දිගුව.
සිනමාව යන නාමය පිළිබඳව අපි හැමෝම දන්නවා.සිනමාවේ ආරම්භය ගැන කතා කළොත් ඒක අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි.ඒ වගේම අපේ රටට විතරක් ආවේනික දේකුත් නෙමෙයි.මේ නාමය මුළු ලෝකයම ජය ගෙන තියෙන්නෙ.ලෝක සිනමා ඉතිහාසය ගැන කතා කළොත් ප්‍රධාන යුග 4ක් ගැන කතා කරන්න පුළුවන්.
පලවෙනි යුගය ලෙස පූර්ව යුගය හඳුන්වන්න පුළුවන්.මිනිස් ඇසේ ක්‍රියාකාරිත්වය සිනමා මාධ්‍ය බිහි වීමට මූලික සාධකය විය.යම් වස්තුවක් සටහන් කිරීමට මානවයා ගත් උත්සාහය පූර්ව යුගය මගින් විද්‍යාමාන වේ.නිහඩ සිනමා යුගයේ දී මීට වඩා වෙනස් ආරක් ගත්තේය.දුම්රියක පැමිණීම,සොල්දාදුවාගේ පාමන වැනි කුඩා සිදුවිම් සටහන් කල ද නමුත් ශබ්දය සටහන් කර ගැනීමට මෙම යුගය තුළ තාක්ෂණය දියුණු නොවීය.සිනමාව ප්‍රකාශන මාධ්‍යන් බවට පත් වනුයේ නිහඬ සිනමා යුගය තුලදීය. කතා නාද යුගය තුලදී කටහඬ පටිගත කිරීමට හැකි විය.පසුකාලීනව මානව හැගීම්,මතවාද ඉදිරිපත් කිරීමට ගත් ප්‍රබල මාධ්‍යයක් වේ.
සිනමාව අද වනවිට දියුණු තත්ත්වයක පවතින අතර ලෝකයම ආක්‍රමණය කර ගෙන තිබේ.නිහඬ යූගයෙන් පය තැබුව ද තෙවැනි ඇස මුලු ලොව ජය ගෙන හමාරය...
කැකුළී.
අද සිහිනේ තොටුපළට ආවේ විශේෂ කෙනෙක්.නම නම් කිරිබණ්ඩා.එයාලා ගම්මානෙට ආව පුංචි කැකුළියක් එයාට හදිසියේම මතකෙට නැගුනා...
බටහිර පන්නෙට ඇදගෙන
හිනා පොජ්ජ මට පානා
ඔබෙ සුරතේ මාලු බදින
මමත් ඔබේ ඥාතියෙක්ද?
මහාවංශයට අනුව
දරු දෙදෙනෙක් අපෙ
මිත්තනියගේ කුසට දීපු
විජයට නෑ නෑැවෙන දරුවන්
කුවේණිගෙන් පැවති ව එන
අපි එහෙනම් ඒ දරුවන්
ඉංගිරිසි බසින් යෙදුව
ඇබොරිජීන් නමේ අරුත
මුල් පදිංචි පදිංචිකරුවන් වේ
එපා අපට එම නාමය
සුද්දා වැද්දා කාලෙේ ඉඳන්
සිංහ ලෙයට උරුම කියන
අපි තාමත් ඒ වැද්දන්......
බටහිර පන්නෙට ඇදගෙන
හිනා පොජ්ජ මට පානා
ඔබෙ සුරතේ මාලු බදින
මමත් ඔබේ ඥාතියෙක්ද?
මහාවංශයට අනුව
දරු දෙදෙනෙක් අපෙ
මිත්තනියගේ කුසට දීපු
විජයට නෑ නෑැවෙන දරුවන්
කුවේණිගෙන් පැවති ව එන
අපි එහෙනම් ඒ දරුවන්
ඉංගිරිසි බසින් යෙදුව
ඇබොරිජීන් නමේ අරුත
මුල් පදිංචි පදිංචිකරුවන් වේ
එපා අපට එම නාමය
සුද්දා වැද්දා කාලෙේ ඉඳන්
සිංහ ලෙයට උරුම කියන
අපි තාමත් ඒ වැද්දන්......
Wednesday, 25 July 2018
මාධ්‍ය ආචාරධර්ම
මාධ්‍ය ආචාරධර්ම
ආචාරධර්ම යනු විද්‍යාවකි.විවිධ සමාජයන් තුල ආචාරධර්ම ගොඩ නැගීම වෙනස් වේ.සමාජය තුල යම් සම්මතයක් මත ගොඩ නගා ගත් ක්‍රමවේදයන් ආචාරධර්ම ලෙස සරලව හැඳින්විය හැක.සමහර සමාජ වල තහංචි ලෙස අර්ථ දක්වයි.විවිධ වෘත්තීන් තුල ද පැවැත්ම උදෙසා ආචාරධර්ම ගොඩ නගා ගනී.
ජන මාධ්‍යයේ ආචාරාධධර්ම මාධ්‍ය ආචාරධර්මයේ වඩාත්ම අර්ථකථනය කරන ලද අංශයකි. ජනමාධ්‍ය ආචාරධර්ම මගින් ප්රවෘත්ති හැසිරීම හා පාලනය කල හැකිය.මහජන යහපත, මිලිටරි රහස් සහ අනෙකුත් සංවේදී රාජ්‍ය තොරතුරු එළිදරව් කිරීම, එය සත්‍ය වූවත් පොදු යහපතට පටහැනි විය හැකිය. කෙසේ වෙතත්, පොදු යහපත අර්ථ දැක්වීම පහසු නොවේ.පෞද්ගලිකත්වය මහජනතාවගේ ජීවිත පිළිබඳ සාරාංශ තොරතුරු වලින් බොහොමයක් ජනමාධ්‍ය වල කේන්ද්‍රිය අන්තර්ගතයකි.වත්මන් තත්වය මත මාධ්‍ය තුලින් ආචාරධර්ම කඩ කරයි.නීතිය සමඟ ගැටෙන රහසිගත පුවත් ප්‍රභවයන් ආරක්ෂා කිරීම වැනි ගැටළු සම්බන්ධයෙන් නීතියට පටහැනිව මාධ්‍යවේදීන් ආචාර ධර්ම ගැටුම් ඇති විය හැකිය. ප්රවෘත්ති ලබා ගැනීම සඳහා නීතිය උල්ලංඝනය කිරීම සඳහා ආචාරධාර්මිකව පිළිගත හැකි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයද පවතී.
පෙෘද්ගලික නාලිකා පැමිණීමත් සමග ඔවුන්ට වෙන් වු ආචාරධර්ම පද්ධතියක් ගොඩ නගා ගන්නා ලදී.එමෙන්ම එක් එක් රට වලට වෙන් වු ආචාරධර්ම පද්ධතින් ද පවති.තොරතුරු ලබා දිය යුත්තේ එයට අවනතව වේ.එයට වෙන් වු ආචාරධර්ම සංග්‍රහයන් ද පවති.
එහෙත් පවතින තත්වය වන්නේ අද වන විට ආචාරධර්ම කෙලෙස පවති ද යන්න ගැටළු සහගතය.......
Tuesday, 17 July 2018
වෙස් මගුලේ ආවර්ජනය
සිහින තොටුපළට ආ පළමු කෙනාට සිහියට නැගුනේ ටුටූවා වය.ඒ ඇයගේ සුරතලාය.ඒ මතකය ඇය අකුරු වලට පෙරලා ඇත.අද තොටුපළට පැමිණි තවත් සිහින ලදකට මීට අවුරුදු 6කට පෙර සතුටු වු සිදුවීමක් ගැන සිසුවියක් කියු වදන් පෙලක් මතයට ගලා ආවාය...එය නම්.....................................
හෙළ ලකගන හොබවන
ති කලාවන් අතරින්
උඩරට නැටුමෙන්
තම දිවිය නංවන
කුල කුමරියන් අභිශේක් ගැන් වු
වෙස් මගුල සිදුකර
අදට වසර සයකි...
ඒ දිනය සිහිකර ඔබ දෙපා නමදිමි..
බුදුසරණයි!!!!
Subscribe to:
Posts (Atom)