Wednesday, 25 July 2018

මාධ්‍ය ආචාරධර්ම

මාධ්‍ය ආචාරධර්ම

 



      ආචාරධර්ම යනු විද්‍යාවකි.විවිධ සමාජයන් තුල ආචාරධර්ම ගොඩ නැගීම වෙනස් වේ.සමාජය තුල යම් සම්මතයක් මත ගොඩ නගා ගත් ක්‍රමවේදයන් ආචාරධර්ම ලෙ සරලව හැඳින්විය හැක.සමහර සමාජ වල තහංචි ලෙස අර්ථ දක්වයි.විවිධ වෘත්තීන් තුල ද පැවැත්ම උදෙසා ආචාරධර්ම ගොඩ නගා ගනී.  

ජන මාධ්‍යයේ ආචාරාධධර්ම මාධ්‍ය ආචාරධර්මයේ වඩාත්ම අර්ථකථනය කරන ලද අංශයකි. ජනමාධ්‍ය ආචාරධර්ම මගින් ප්‍රවෘත්ති හැසිරීම හා පාලනය කල හැකිය.මහජන යහපත, මිලිටරි රහස් සහ අනෙකුත් සංවේදී රාජ්‍ය තොරතුරු එළිදරව් කිරීම, එය සත්‍ය වූවත්  පොදු යහපතට පටහැනි විය හැකිය. කෙසේ වෙතත්, පොදු යහපත අර්ථ දැක්වීම පහසු නොවේ.පෞද්ගලිකත්වය මහජනතාවගේ ජීවිත පිළිබඳ සාරාංශ තොරතුරු වලින් බොහොමයක් ජනමාධ්‍ය වල කේන්ද්‍රිය අන්තර්ගතයකි.වත්මන් තත්වය මත මාධ්‍ය තුලින් ආචාරධර්ම කඩ කරයි.නීතිය සමඟ ගැටෙන රහසිගත පුවත් ප්‍රභවයන් ආරක්ෂා කිරීම වැනි ගැටළු සම්බන්ධයෙන් නීතියට පටහැනිව මාධ්‍යවේදීන් ආචාර ධර්ම ගැටුම් ඇති විය හැකිය. ප්‍රවෘත්ති ලබා ගැනීම සඳහා නීතිය උල්ලංඝනය කිරීම සඳහා ආචාරධාර්මිකව පිළිගත හැකි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයද පවතී.  

 පෙෘද්ගලික නාලිකා පැමිණීමත් සමග ඔවුන්ට වෙන් වු ආචාරධර්ම පද්ධතියක් ගොඩ නගා ගන්නා ලදී.එමෙන්ම එක් එක් රට වලට වෙන් වු ආචාරධර්ම පද්ධතින් ද පවති.තොරතුරු ලබා දිය යුත්තේ එයට අවනතව වේ.එයට වෙන් වු ආචාරධර්ම සංග්‍රහයන් ද පවති. 

 එහෙත් පවතින තත්වය වන්නේ අද වන විට ආචාරධර්ම කෙලෙස පවති ද යන්න ගැටළු සහගතය.......

Tuesday, 17 July 2018

වෙස් මගුලේ ආවර්ජනය

සිහින තොටුපළට  ආ පළමු කෙනාට සිහියට නැගුනේ ටුටූවා වය.ඒ ඇයගේ සුරතලාය.ඒ මතකය ඇය අකුරු වලට පෙරලා ඇත.අද තොටුපළට පැමිණි තවත්  සිහින ලදකට  මීට අවුරුදු 6කට පෙර  සතුටු වු සිදුවීමක් ගැන සිසුවියක් කියු වදන් පෙලක්  මතයට ගලා ආවාය...එය නම්.....................................






හෙළ ලකගන  හොබවන
ති කලාවන් අතරින් 
උඩරට නැටුමෙන්
තම දිවිය නංවන  
කුල කුමරියන් අභිශේක් ගැන් වු 
වෙස් මගුල සිදුකර 
අදට වසර සයකි...
ඒ දිනය සිහිකර ඔබ දෙපා නමදිමි..
බුදුසරණයි!!!!
      








Monday, 16 July 2018

මිනිසාගේ රහස් වචනය

                                       මිනිසාගේ රහස් වචනය        
ලිංගිකත්වය යනු

     මිනිස් හා සත්ව සමාජය තුලම බැබලෙන ප්‍රධාන අංගයන් බොහොමක් ඇත.මානව ඉතිහාසය වෙත දිව ගියහොත් මිනිසා ගේ මූලික අවශ්‍යතාවයන් ලෙස කුසගින්න,පිපාසය,වාසස්ථාන,ලිංගිකත්ය පෙන්වා දිය හැකිය. මේ අතරින් කථාවට ලක් නොවන සැගවූණූ මූලික අවශ්‍යතාවක් ලෙස ලිංගිකත්’්වය හැඳින්විය හැකිය.   අතීතයේ මානවයා තනි තනිව තම දිවිපෙවෙත ගෙවීමට උත්සාහ ගත්තද  තමාට තනිව එය කිරීමට නොහැකි බව  දැනගත් විට තමාට තවත් අය අවශ්‍ය බව තේරු ගත්තේය.  ඔවුන්ට තම වර්ගයා බෝකිරීම සඳහා ලිංගික ඇසුර අවශ්‍ය විය.ලෝකයේ මිනිසෙක් මෙලොව එළිය දැකීම ලිංගිකත්වය නොමැතිනව සිදු නොවන දෙයකි.එහෙත් මෙය සභ්‍යත්වය පදනම් කොටගෙන සමාජයේ එළියට දැමිය නොහැකි අංගයක් වී තිබේ.එයට හේතුව මනස තුළ ගොඩනගාගෙන ඇති මතයන්ද වේ. මේ අනුව මිනිස් සංහතය ඇරඹුමේ සිට නිබඳ අවධානයටත්,කුතුහලයටත් ලක් වන විෂය පතයක් වී හමාරය.

අතීතයේ ලිංගිකත්වය ඉතිහාසයේ යම් යම් අවස්ථාවන්හි  පූජනීයත්වයට පත් වූ බව නිසැකය. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ  මාතෘ දෙවගන පිදීමේ ප්‍රධානතම සංකේතය ඇගේ යෝනියයි. පසුව භාරතයේ පැවැති වෛදික පීතෘ මූලික සමාජයේ පූජනීයත්වයට පුරුෂ ලිංගය මෙයට ආරෝපණය කර තිබේ. මෙයට කිසිදු මතයකින් තොරව වැදුම් පිදුම් කර තිබේ.වර්මානයේ එය දැකිය හැකිය. හිංදු භක්තික කාන්තාවන් ශිව ලිංගයට වැදුම් පිදුම් කිරීම අදද සුලභ දර්ශනයක.ිඑවැනි පූජනීයත්වයෙන් තිබුණද සමාජයේ වැඩි කතාවට ලක් නොවන සැගවී ගත් ක්‍රියාමාර්ගයක් වේ.


















  Google ලිංගිකත්වය
google ලිංගිකත්වය යනු වැඩියෙන්  කතා බහට ලක් වන වෙනම වූ සංස්කෘතියක් වී හමාරය. අන්තර්ජාලය පැමිණීමත් සමග ලොව පුරා සයිබර් ලිංගිකත්වය ප්‍රචලිත විය.
computer sex
internet sex
net sex

පුද්ගලයින් දෙදෙනකු හෝ පුද්ගලයින් දෙදෙනකුට වැඩි ගණනක් පරිගණක මාර්ගයෙන් අන්තර්ල ඔස්සේ ජාලගත වීමෙන් තමන්  අත්විදි ලිංගික අත්දැකීමක් සවිස්තරාත්මකව ලිංගිකමය පණිවිඩයක් ලෙස යැවීම සිදුවේ. සයිබර් ලිංගිකත්වය මූලික වශයෙන් ක්‍රියාවට නැංවූයේ ෂබඑැරබැඑ ජය්එ රදදප  හා ෂබඑැරබැඑ ප්ි්ටසබට  වලින.ි මේ අනුව දෙතැනක  සිටින හවුල් කරුවන්ට ජාලගත ද්විමාර්ගික වීඩියෝ සබඳතාවයක් ඔස්සේ ලිංගිකත්වය දෘශ්‍යමය වශයෙන් අත්විදීමෙ’ අවස්ථව පුඵල් විය.


ලිංගිකත්වයේදී අන්තර්ජාලය මත ලිංගික චර්යාවන් වර්ග 5 ක් පැට්‍රික් කාන්ස් දක්වා ඇත.

යෝග්‍ය ලෙෂ විනෝදාස්වාදය උදෙසා භාවිතා කරන්නන්.
යෝග්‍ය නොවන  ලෙස  විනෝදාස්වාදය  භාවිතා   කරන්නන්.
ගවේෂනාත්මකව ගැටඵ සහගත භාවිතා කරන්නන්.
අනුගත වූ ගැටඵ සහගත භාවිතා කරන්නන්
අත්හල නොහැකි ලිංගික ක්‍රියාකාරකම් සහිත යාවජීව ගැටඵ සහගත භාවිතා කරන්නන්.

සයිබර් අවකාශයේ google sex වෙත තරුණ ප්‍රජාව යොමුවීමෙ’ ප්‍රවනතාවය වැඩිවී තිබේ.

මේ පිළිබඳ දත්ව අනුව බැලුව  හොත් ලෝකයේ google  භාවිත





ලංකාවට විශේෂිතව බැලුවහොත් පලාත් අනුව google sex භාවිත





ලංකාවේ වැඩිම පිරිසක් google sex ගැන විමසීමට ලක් වූ නගර පිළිබඳ බැලුව හොත් 
හෝමාගම
කොළඹ
නුගේගොඩ
මහනුවර






 මෙම දත්ව අනුව අපට පෙනී යන්නේ ලෝකයේ google sex සඳහා යොමු වූ පළමු රට ශ්‍රී ලංකාව බවය



ලිංගික වීඩියෝපට 

google වල ලිංගිකත්වය පිළිබඳ විවිධ සංනිවේදන ක්‍රම මගින් තොරතුරු ලබා දෙ.් එන. ලිපි මගින්,පිංතූර මගින,් ප්‍රවෘත්ති,සිතියම්,වීඩියෝ ලෙස වර්ග චේ. ලිපි මගින් කියවා තේරුම් ගත යුතු අතර පිංතූර මගින් එය බලා යම් වින්දනයක් ලබා ගන්නවා පමණ..දෘශ්‍ය හා ශ්‍රව්‍ය යන දෙවර්ගයම වීඩියෝ මගින් ලබා ගත හැකිය. එය මහගු වාසියක් වී ඇත. ලිංගික ක්‍රියා කාරකම්,ගැටඵ ආදිය වීඩියෝ මගින්  පෙන්වා දෙනු ලැබේ. එය වඩාත් පසුව උදෙසාය. එම නිසා එය අනෙකුත් අංග වලට වඩා අභිබවා ගොස් අංක 1 ට පත් වී ඇත.






ටුටූගේ පැනය

                                                           ටුටූගේ පැනය  
   
                                                   සිහින තොටුපළට ආව මට
                                                   මතක් වුණා මගේ පැටියව
                                                   එක දවසක්  හොරෙන් හොරෙන්
                                                   මගේ කෝට්ටෙට හිස තබාගෙන
                                                   මගේ මෙහෙම ඇහුවා හිමින්
                                                   එඩේර යුගයටත පෙරලු
                                                   ඔයාලා අපි එකට හිටියේ
                                                   ඒත් නැහැනේ කිසිම කලෙක
                                                   එක පතක බත් කාලා
                                                   එක පැදුරේ නිදියලා
                                                   ඇයි ඔහොම මා දිහා බලන්නේ
                                                   මා මෙහෙම හිටියට
                                                   නෑ කිසිම දිනයක
                                                   ස්වාමී භක්තිය බිදින්නේ
                                                   අවසර නැද්ද මට තව ටිකක් ලන් වන්න





Sunday, 15 July 2018

වයර්ලසයේ කතන්දරය

                                                         වයර්ලසයේ කතන්දරය





බහුජන මාධ්‍ය අතර, ගුවන් විදුලිය සැලකෙන්නේ ප්‍රධානම ශ්‍රව්‍ය සන්නිවේදනය මාධ්‍ය වශයෙනි.  ගුවන් විදුලිය නිර්මාණය කිරීමේ  ගෞරවය හිමිවන්නේ ගුග්ලිමෝ මාර්කෝනිටය.  1840 -1919 අතර කාලය තුල විදුලි බලය හා චුම්බකය යන ක්ෂේත්‍ර දෙක ඔස්සේ විද්‍යාත්මක අග්‍රඵලය ගුවන් විදුලිය ලෙස නම් දැරිය හැකිය.

යුරෝපයේ ගුවන් විදුලි සේවය ඇරඹි තෙවරසරක් ඉක්මයාමට පෙර ශ්‍රී ලංකාවටද ගුවන් විදුලිය හදුන්වා දීම ජන ජන මාධ්‍ය අංශයෙන් බලන විට විශාල ඓතිහාසික  වැදගත් කමක් දරයි.  දකුණු ආසියාවේ ගුවන් විදුලිය හදුන්වා දුන් ප්‍රථම බි්‍රතාන්‍ය යටත් විජිතය  ලංකාවය.  1922 අවුරුද්දේ ශ්‍රී ලංකා ආධුනික ගුවන් විදුලිය සංගමය මේ සඳහා උනන්දු විය.  බි්‍රතාන්‍ය ගුවන් විදුලි සංගමයේ සංදේශ ඉංජිනේරුවරයා වූ එඞ්වඞ්  හාපර් මහතා ගුවන් විදුලි සංගමයේ සෙසු සාමාජිකයිනf්ග් උනන්දු වේ ප්‍රතිඵලයක් ලෙස  ගුවන් විදුලි සේවාවක් පිහිටුවීමේ යෝජනාවත් ගැන සලකා බැලීමට කමිටුවක් පත් විය.  එම  කමිටුවේ තීරණ මත 1924 දී ගු.වි. නම් ශ්‍රව්‍ය සන්නිවේදන මාධ්‍ය ස්ථාපිත විය.

එතැනින් පිබිදුන් ගුවන් විදුලිය අද දින දක්වා දිගු ගමනක්  එමින් පවතී.  අද දින දක්වා ද මියැකෙත මාලානික නොවන මාධ්‍යයක් ලෙස ශ්‍රාවක සිත් උද්යෝගමත් කරමින් දිවයයි.
මෙයින් පසු විවිධ වූ රාජය හා පෞද්ගලික  නාලිකා අදවන විට රාශියක් ස්ථාපිත වී තිබේ. 1924 සිට පැමිනි ගුවන් විදුලියේ  සිට පැමිණි ගුවන් විදුලියේ ශ්‍රවනය  90 දශකයේ පසු මහත් වෙනසකට බදුන් විය.  එය කෙසේ ද යත් සවිස්තරාත්මක විමසා බලා ගත හැකිය.
ගුවන් විදුලි නාලිකා

ගුවන් විදුලි සංස්ථාව
ලක්හඬ
හිරු
දෙරණ
සිත
සිරස



ගුවන් විදුලි සංස්ථාව
ගුවන් විදුලි සංස්ථාව ආරම්භය හා වර්ධනය යුරෝපීය  අනන්‍යතාතා සමඟ එක් වූ ගුවන් විදුලිය ලංකාවට සංක්‍රමණය වූයේ 1924 ජූනි  27 වනදාය.  මෙය නියත ලෙස ඇරඹුනු බව  සඳහන් වේ.  1922 පෙබරවාරි 22 කොළඹ කොටුවේ ක්‍රිස්තියානි  සංගම් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමෙන්  පසු සන්ධ්‍යා භාගයේ පැවති බාහිර සංගීත ප්‍රසංගය  ගුවන් විදුලි තුලින්  විසුරුවා හැර තිබුනු බවට කරුණ තිබේ.  එහෙත් මෙය නියත ලෙස 1924 ජුනි 27 වන දින ප.ව. 2.30 බි්‍රතාන්‍ය ආණ්ඩුකාරතුමා ගේ  කථාව ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර ඉන් පසු ප.ව. 3.30 ට තැටි ගත කෙරුණු  සංගීතමය වැඩ සටහනක්  ප්‍රචාරය කර තිබේ.  ඉන් අනතුරුව  1924 ජූලි 01 වෙනිදා සතියකට දෙවරක්  තුන්වරක් ප්‍රචාර කටයුතු සිදු කර ඇති අතර, පසුව දිනපතා  වේලාව, කාලගුණ වාර්තා, තැපැල් පුවත් ප්‍රචාරණය කෙරිනි.  1925 වැඩි දියුණු කළ සම්ප්‍රේශණාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1923 අප්‍රේල් මස ඇරඹුනි.  එම කටයුතු වර්ධනය සමඟ 1923 දෙසැම්බර් 16 වන දින නිල වශයෙන් ගුවන් විදුලි සේවයේ ආරම්භය සනිටුවහන් විය.  ඉන් පසුව 1927 ටොරින්ටන්  චතුරස්‍රයේ නව මැදිරියක් හා පාලනාගාරයක් ආරම්භ කළ අතර, 1942 කොළඹ කොටාරෝඞ් හි පිහිටි  බවර් ගොඩනැගිල්ලට ගුවන් විදුලිය ගෙන යන ලදි .  1950 වර්ෂයේ වැඩ දියුණු වූ ගුවන් විදුලි සේවය  මැදිරි 6 කින් හා නිවේදන මැදිරි 10 කින් සමන්විත  විය.  මෙයින් පිබිදුනු ගුවන් විදුලි සේවය විවිධ වූ නාලිකා ආරම්භ කිරීමට සමත් විය. මෙයින් පිබිදුනු  ගුවන්  විදුලි සේවය විවිධ  වු නාලිකා ආරම්බ කිරීමට සමත් විය.  ස්වදේශීය සේවය  සිංහල දෙමළ, වෙළඳ සේවය විදුලි ගුවන් විදුලි හා ප්‍රජා හා ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා රාශියක් මෙයට ඇතුලත් වේ.  මෙම ගුවන් විදුලි සේවය මහා විප්ලවයකට බදුන් විය එනම් රජය දෙපාර්තමේන්තුවක් වශයෙන්  දිගින් දිගටම  පැවතිම හේතුවෙන් සුවිශේෂි වගකීම් හා කාර්ය භාරයන් ඉටු කිරීමට දුෂ්කර හා  නීති රීති  හා කොන්දේසි වලට යටත් වීම  නිසා ප්‍රගතියට බාධා ඇතිවීම හේතුවෙන් මෙම දෙපාර්තමේන්තු නාමය වෙනස් විය.  1967 ජනවාරි 5 ගුවන් විදුලි ඉතිහාසයේ වැදගත් දිනයක් විය.  එනම්  ගුවන් විදුලි දෙපාර්තමේනතුව  රජයේ  සංස්ථාවන් බවට පත් වීම වේ.  මෙයින්  ඇරඹුණු ගුවන් විදුලි  සංස්තාව අද දක්වා දිගු ගමනක්  යමින් පවතී.  ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස 70-80 දසකය වැඩි අවධානයට ලක් වේ.  මෙහි වර්ධනය ගැන කථාකලහොත් ආරම්භයට වඩා ඉහළ ප්‍රතිඵල අත් විද තිබේ.  තාක්ෂණය  හිමිකාරීත්වය ආදී දම්වැල් ද මෙයට සභාය වීම මත එය සාර්ථක  ආදී දම්වැල් මෙයට සහාය වීම මත එය සාර්ථක නාලිකාවක් බව නො අනුමානව ප්‍රකාශ කල හැකිය.

 ලක් හඬ
ගුවන් විදුලි සංස්ථාව බිහි වීමෙන් පසු රජය සමඟ මුසුවී  නිර්මාණය වූ  තවත් නාලිකාවක් ලෙස ලක්හඬ  හැදින්විය හැකිය.  එහෙත් මෙම දෙවෙනි නාලිකාව විය.

 මෙම නාලිකාව  ආරම්භවීමට  අවුරුද්දකට පෙර  දෙවන පෞද්ගලික නාලිකාව වූ ත්‍ඵ  99ට ප්‍රබල අභියෝගයක් එල්ල  නොවුන අතර  බිහි වී තිබුණු සිරස තුලින් රජය මාධ්‍ය ලෙස  ප්‍රබල  බලපෑමක් එල්ල විය.මෙය ගුවන් විදුලිය  තුල ගුවන්  විදුලි සංස්ථාවෙන් නිදහස් වූ නාලිකාවක් ලෙස  දේශපාලන  නිදහස්  මතවාද අනුව ආරම්භ විය.  මෙහි ආරම්භය සිදු වූයේ  1996 නොවැම්බර් 15 වනදාය.  ජපන්  මැදිරි සංකීර්ණයේ  සංකීර්ණ 2 ක්  යොදා ගෙන  මෙය ආරම්භ විය.  මෙය ක්‍රියාකරවීමට ආධුනික නිවේදකයන්  යොදා ගැනීම සිදු විය.  මොවුන්ට  මගපෙන්විම ක්‍රියාකාරී නිවේදකයන්ගේ මග පෙන්වීමද අවශ්‍ය විය.  1996 අරුඹුණු මෙම නාලිකාව  අද දක්වා ලංකාව පුරා විහිද ඇත.

හිරු 
පෞද්ගලික නාලිකා අතර, වඩාත් කථා බහට  ලක් වන නාලිකාවක් ලෙස හිරු නාලිකාව හැදින්විය හැකිය.  මෙහි උපත  සිදු වී  ඇත්තේ 1998.06.01 දින වේ.  එදා සිට නැගුනු  හිරු නාලිකාව  අනෙකුත් නාලිකා අභිබවා ගොස්  ආසියා  මාධ්‍ය ජාලය  සමඟ බැදුනු නාලිකාවක් විය. හිරු නාලිකාව අභිබවා ගොස්  ආසියා මාධ්‍ය ජාලය සමඟ බැදුණු නාලිකාවක් විය.  හිරු නාලිකාව සමඟ බද්ද වී තනි  පුද්ගල අයිතිය  මත මේ නාලිකාව බිහි වී තිබේ.

 මේ නාලිකාව  හුදෙක් විනෝදය  මුසු වූ  විනෝදකාමී  රසඥතාවයෙන්  යුතු තරුණ පරපුර ඉලක්ක කරගෙන  නිර්මාණය කර තිබේ.  මෙහි වර්ධනය  වත්නම් තත්වය අනුව ඉහළ තත්වයක  සිටින බව කිව හැකිය


දෙරණ
දෙරණ නාලිකාව පෞද්ගලික නාලිකා අතර දිදුලන කතාවට ලක්වන ජනප්‍රිය නාලිකාවක් වේ. මේ නාලිකාව චදඇර යදමිැ කසපසඑැා ක්‍දපච්බහ සමඟ සම්බන්ධ වී තිබේ.  මෙයින් ප්‍රධාණ වශයෙන් ආයතනයක් ක්‍රියාත්මක කරනු ලැබේ. එක් ආයතයක් ලෙස ත්‍ළ දෙරණ හැදින්විය හැක.  මෙහි ආරම්භක වර්ෂය ගැන සටහන් කළ හොත් 2009 මාර්තු 24 දින මුල් සිඳගෙන තිබේ. මෙයින් පිබිදුන මෙම දෙරණ නාලිකාව අද වන විට ජනප්‍රිය නාලිකාව යන නමට ලගා වී තිබේ.  තනි පුද්ගල අයිතියක් තම බිහිවූ හෙයින් මාධ්‍ය නිදහස අනුව තීරනය වේ.  ළමා, තරුණ, මහලු  ප්‍රජාව  ඉලක්ක කරගෙන සියලුම  දෙනාට උචිත ලෙස වැඩ සටහන් පෙළගස්වා තිබේ.  වර්ධකය අතින් ඉහළ තත්වයක පවතී.
සිත fm
පෞද්ගලික නාලිකා අතර ආධුනික හෙවත් ලාබාල වයසකින් යුතු නාලිකාවක් ලෙස සිත ත්‍ප හැදින්විය හැකිය. මෙහි ආරම්බක වර්ෂය සනිටුහන් වන්නේ 2016 වර්ෂයේදීය 2016 වර්ෂයේ අප්‍රේල් මස ආරම්භ වී තිfබි.ආරම්බයේ සිට අද දක්වා  වු තෙමසක යන කෙටිකාලය තුල දිනෙන් දින වර්දනයක් සිදුවන අතර රසික සිත් තුලට මෙම නාලිකාව කා වැදී තිfබි.මෙම නාලිකාව ඉලක්ක කරගත් පිරිසක් නිර්මානය වි තිfබි. මධ්‍යම පන්තික බුද්ධිමත් සමාජයක් ඉලක්ක ගත fවි.අවු: 33-55 වයස් සීමාවක සිටින පිරිසත් අරමුනුකරගන්නා අතර අවු: 13-35 පිරිසද හැඳින්විය හැකිය දිනෙන් දින නව ප්‍රවනතාවයක් වර්ධනය වන බව පැහැදිලි fවි.